ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් දසවැනි වරට සංවිධානය කළ 2016 ස්වර්ණ පුස්තක සම්මාන උළෙළ ඊයේ පැවැත්වුණා.
එහිදී නිර්දේශිත කෘති 123 ක් අතුරින් සම්මානය දිනාගත්තේ ලියනගේ අමරකීර්තිගේ අහම්බකාරක කෘතියයි.
2015 වසරේ මුද්‍රණයෙන් පළවුණු නවකතා කෘති දොළහක් අවසන් වටය සඳහා නම් කර තිබුණි. ඒවා වූයේ

ටෙනිසන් පෙරේරාගේ මහාරාවණ,
සුනේත්‍රා රාජකරුණානායකගේ කොළඹයා සහ ෂැන්හයියා, 
එරික් ඉලයප්ආරච්චිගේ පරදේසි,
ලියනගේ අමරකීර්තිගේ අහම්බකාරක,
සමන් වික්‍රමආරච්චිගේ අසන්ධිමිත්තා,
කපිල කුමාර කාලිංගගේ සැප්තැම්බරයේ දිග දවසක්,
පී.බී. ජයසේකරගේ අවලමා සහ ඇහැටුව,
මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ මාණික්කාවත,


 චන්ද්‍රරත්න බණ්ඩාරගේ වලාකුළු බැම්ම,
නදී වාසලමුදලිආරච්චිගේ වුල්ෆන්ඩාල් ස්ට්‍රීට්,
සුමුදු නිරානි සෙනෙවිරත්නගේ දුල්වල අහන්කාරේ
එච්.බී. ගුණරත්නගේ හිතුවක්කාරී

ලියනගේ අමරකීර්ති 2014 වසරේ කුරුලු හදවත වෙනුවෙනුත් මින් ඉහත ස්වර්ණ පුස්තක සම්මානය දිනා ගෙන තිබුණ අතර මෙවර ඔහු දිනුවේ දෙවැනි වරටයි. ඔහුගේ අටවක පුත්තු 2008 වසරේ අවසන් කෘති පහ අතර තිබුණි.
සුනේත්‍රා රාජකරුණානායකද දෙවතාවක් ස්වර්ණ පුස්තක සම්මානය හිමිකරගෙන තිබුණි.. ඇය 2009 වසරේ පොදු පුරුෂයා වෙනුවෙන් හා 2011 වසරේ කවිකඳුර වෙනුවෙන් සම්මාන ලැබුවාය.
 එසේම 2008 වසරේදී ඇයගේ සුබෝධාලංකාරය සහ 2010 වසරේ බුද්ධදාසී යන කෘති අවසනා කෘති පහ අතර තිබුණි.
චන්ද්‍රරත්න බණ්ඩාර, සමන් වික්‍රමාරච්චි, නදී වාසලමුදලිආරච්චි, සුමුදු නිරානි සෙනෙවිරත්න සහ එච්.බී. ගුණරත්නගේ කෘති නිර්දේශිත කෘති අතර එක්වුණු පළමු අවස්ථාව මෙයයි.
ලියනගේ අමරකීර්තිට ස්වර්ණ පුස්තක සම්මානය සමග රුපියල් ලක්ෂ 5ක මුදල් ත්‍යාගයක් හිමිවිය. අවසාන හොඳම කෘති පහට රුපියල් පනස් දහස බැගින් මුදල් ත්‍යාග හිමි විය.