පසුගියදා ඇමරිකානු සමාජ මාධ්‍ය අතර සංසරණය වූ අසරණවූ පොප්සිකල් විකුණන සීයා කෙනෙකුගේ ඡායාරූපයක් නිසා ඔහුට ආධාර කරන්නට අන්තර්ජාලයෙන් අරමුදලක් පිහිටුවා තිබුණ අතර මේ වනවිට එයට එක්වූ මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 2 ක්(රුපියල් කෝටි 3 කට ආසන්න) වී තිබෙනවා.

චිකාගෝ ප‍්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි අයිස් පොප්සිකල් විකුණන මෙම සීයා තම කරත්තය තල්ලූ කරන්නට අමාරුවෙන් සිටින අයුරු එම ඡායාරූපයෙන් ප‍්‍රකට වී තිබුණි.

ෆිඩෙන්ෂියේ සැන්චෙස් නමැති ස්පාඤ්ඤ බස කථාකරන මෙම පුද්ගලයා අවුරුදු 23 ක් තිස්සේ මෙම රැකියාව කර තිබෙන අතර ටිකකලකට පෙර රැකියාවෙන් විශ‍්‍රාම ගොස් සිටියා. මීට මාස දෙකකට පමණ පෙර ඔහුගේ එකම දියණිය මියයාමෙන් පසු ඔහු හා ඔහුගේ බිරිය තනිවී තිබෙන අතර නැවත අයිස් පලම් රස්සාවට අවතීර්ණවී තිබේ.
උදේ පාන්දර අවදිවී රැකියාවට පිවිසෙන ඔහු රාත‍්‍රී 8 දක්වාම අයිස් පලම් විකුණන බව දන්වා ඇත. ඔහුගේ බිරියද කාලයක් මෙම රැකියාවේ නිරතවූ නමුත් ඇය මේ වනවිට අසාධ්‍ය තත්වයේ පසුවීම නිසා අකමැත්තෙන් වුවත් සැන්චෙස්ට රැකියාව කරන්නට සිදුව ඇත.
අමාරුවෙන් ඔහු කරත්තය තල්ලූ කරන ඡායාරුපයක් සමාජ මාධ්‍ය තුළ ප‍්‍රකට වීමෙන් පසු ඇමරිකානු මාධ්‍ය ඔහු ගැන සොයා බැලූ අතර පසුව ‘ගෝ ෆන්ඞ් මී’ නමැති අරමුදල් රැස්කර දෙන වෙබ් අඩවියක් ඔස්සේ ඔහුට ආධාර කිරීමේ වැඩසටහනක් අරඹා තිබුණි.
සතියක කාලයක් තුළ එහි එක් රැස්වූ ඩොලර් ලක්ෂ 2 ක්(රුපියල් කෝටි 3 කට ආසන්න) මුදල ඔහුට පිරිනැමීමට කටයුතු යොදා ඇත.
පොප්සිකල් විකුණන රස්සාවේ තවදුරටත් නොයෙදී විවේක ගන්නා ලෙස අධාර කරුවන් කර තිබූ ඉල්ලීම අනුව කටයුතුු කරන්නටද ඔහු එකඟවී ඇත