අන්තිම වෙලාවේ ඩිල්ෂාන්ට කේන්ති ගියාද?
පහක් දැම්මාද? (වීඩියෝ)


ඊයේ කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩා පිටියේ පැවති අවසන් විස්සයි20 තරගයට ටී.එම්.ඩිල්ෂාන් සහභාගී වීමෙන් පසු ඔහු පේ‍්‍රක්ෂක මණ්ඩපය ආසන්නයට පැමිණි අවස්ථාවේ ඇතිවූ සිදුවීමක වීඩියෝවක් අපට ලැබී තිබේ. එම වීඩියෝවට අනුව එක්තරා පේ‍්‍රක්ෂකයෙකු ඩිල්ෂාන් ගමන් කරනු ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් සිට
පසුව තමා ආසන්නයටම ඔහු පැමිණෙන අයුරු

දුටු පසු ඔහු සමග සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටින්නට අදහසින් දෝ  නැතහොත් පහක් දැමීමේ අදහසින්දෝ දුරකථනය ඔහු වෙත යොමු කරමින් සූදානම් වෙද්දී ඩිල්ෂාන් එක්වරම එම දුරකථනයට අතින් ගසා එතැනින් පිටව යනු පෙනේ. පසුව ‘අයියෝ මගේ අත අත’ කියමින් එම පේ‍්‍රක්ෂකයා වේදනාවෙන් කියනුද ඇසේ.
ඇත්තටම සිදුවන්නේ කවර දෙයක්දැයි වීඩියෝව නරඹා බලන්න
එම වීඩියෝව පහතින්