ඇමරිකාවේ මීළඟ ජනපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ඊයේ එරට පැවති 9/11 සැමරුමට සහභාගීවෙමින් සිටියදී හදිසියේ අධික තෙහෙට්ටුව හා ඇඟ පණනැතිව යාමේ තත්වයක් නිසා රෝහල් ගත කළ අතර පසුව වාර්තා වූයේ
ඇයට නිව්මෝනියා රෝගය වැළඳී ඇති බවකි. ප‍්‍රතිජීවක ඖෂධ ලබාදී ඇති ඇය සුවය ලබමින් පසුවන නමුත් කැලිෆෝනියාවේ ඇගේ රැස්වීම් කිහිපයක්ම අවලංගු කරන ලද බව වාර්තා වුණා.
68 හැවිරිදි හිලරි තරග වදින්නේ 70 හැවිරිදි ඩොනල්ඞ් ට‍්‍රම්ප් සමගයි. ඇය මානසිකව මෙන්ම කායිකව දුබල තැනැත්තියක බව ට‍්‍රම්ප් මින් සතියකට පමණ පෙරදී රැස්වීමකදී ප‍්‍රකාශ කර තිබී ඇත.


2012 වසරේ සැත්කම් තත්වයක් මත මේ ආකාරයට රෝහල් ගත කිරීමෙන් පසු හිලරි නැවත රෝහල් ගතවූයේ මේ අවස්ථාවේ පමණක් බව ඇගේ පුද්ගලික ප‍්‍රකාශකයෙකු දන්වා ඇත.
මින් ඉහත ජනපතිවරණ ප‍්‍රචාරණ අතරතුර ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ජනපතිවරයාටද වමනය ඇතිවී ක්ලාන්තවී රෝහල් ගත කර තිබුණි.
හිලරි රෝහල් ගත කරන්නට රැගෙන යද්දී අපහසුවෙන් ගිය හැටි වීඩියෝව පහතින්