දකුණු කොරියාවේ 
භූමි කම්පා වැලක්

රික්තර් ඒකක 5.8 භූමිකම්පාවක් දකුණු කොරියාවේ වේලාවෙන් රාත්‍රී 8.32 (ලංකාවේ වේලාවෙන් සවස 5ට) පමණ සිදුවී ඇත.
මෙම භූමිකම්පාව නිසා 6 දෙනෙකු තුවාල ලබා ගොඩනැගිලි 102 කට හානි සිදුවී ඇති බවට තොරතුරු ඇතැයි එරට ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර ඇත.
මෙමගින් ශ්‍රීලාංකිකයින් කිසිවෙකුට හානියක් සිදුව ඇතැයි වාර්තා නොවේ.
වැලක් ලෙස සිදුවූ මෙහි මුල්ම භූමිකම්පාව
සවස 7.44 ට පමණ 5.1 පමණ එකක් ලෙස දකුණු Gyeongju ප්‍රදේශය මුල් කර ආරම්භවී තිබේ.
පසුව අවස්ථා කිහිපයකින් ඒ වටා කම්පන ඇතිවී ගැඹුරුම කම්පණය 8.32 ට වාර්තාවී ඇත.
තවත් ඉදිරියට එය පැතිරෙන්නට නියමිත බවද දන්වා ඇත.

කොරියානු කාලගුණ විද්‍යා ඒජන්සිය දන්වා ඇත්තේ සෝල් නුවර සිට කිලෝමීටර 371 ක් ගිනිකොනදිග මෙම කම්පනය ඇතිවුණ බවත් කම්පනයේ ස්වභාවය අනුව නැවත අගහරුවාදා අලුයම 1 ට කම්පන තත්වයක් මතුවිය හැකි බවයි.
වැඩි වශයෙන් බිත්ති බිඳුණු වීදුරු සහ ඉරිතැලීම් සිදුවූ හානි වලට ඇතුළත් බව වාර්තාවේ.
උල්සාන්හි බලාගාර වලට කම්පන තත්ව දැනී ඇති අතර හදිසි අවශ්‍යතා මත නිෂ්පාදන නවතා ඒවා ක්‍රියා විරහිත කරන්නට රජය කටයුතු කර ඇත.

කම්පන තත්ව නිසා කොරියාවේ සැම්සුන්ග් කර්මාන්ත ශාලාවල රාත්‍රී සේවාමුරද නවතා ඇත.
දකුණු කොරියාවේ විශාලතම වරාය නගරයක් වන බූසාන්හි තට්ටු 80 ගොඩනැගිල්ලක පදිංචිකරුවන් දන්වා ඇත්තේ ගොඩනැගිල්ල කම්පනයට පත්වූ බවයි.
ආරක්ෂිත පියවරක් ලෙස එම ගොඩනැගිල්ල හා අවට ගොඩනැගිලි කිහිපයක අය ඉවත්ව ගිය බවට වාර්තා තිබේ.
"මගේ මේසය සිට කාමරයේ බිත්තිය, හැම දෙයක්ම හදිසියේ වෙව්ලුවා. මම ඉක්මනින් මගේ කාමරෙන් පිටතට දිව ගියා.“ බූසාන් හි 30 හැවිරිදි උපාධි ශිෂ්‍යාවක් සඳහන් කළ බව කොරියා හෙරල්ඩ්  වාර්තා කර ඇත.

සිදුවූ හානි පිළිබඳව වාර්තා රැස් කිරීමට රජය ආපදා හා ආරක්ෂා මූලස්ථානයක්ද පිහිටුවා තිබේ.

කම්පාව හේතුවෙන් KTX විදුලි දුම්රිය කිහිපයක් සමහර ස්ථානවල කෙටි කාලයක් සඳහා මෙහෙයුම් නතර කර ඇත. දකුණු කොරියාව වඩාත් භාවිත ජංගම සේවාව වන KakaoTalk භූමිකම්පාව අතර තුර කෙටි කලකට අකර්මන්‍යවූ බවද වාර්තා වුණා.
කෙසේ වෙතත් කොරියානු ගුවන් තොටුපළොට මින් හානියක් නැති අතර ගුවන් කාලසටහන වෙනසක් සිදු කර නැත.
භූමිකම්පාව සිදුවී ටිකකට පසුව, ජනාධිපති පාර්ක් ගුවෙන් හයි ජාතිය අමතමින් ආණ්ඩුව භූ කම්පන තත්වය හා  සිදුවන හානි පිළිබඳ විස්තර තක්සේරු කරමින් සිටින බවත් කළ හැකි සෑම දෙයක්ම කරන බවත් දන්වා ඇත.

Gyeongju යනු දකුණු කොරියාවේ ඓතිහාසික නගරයකි. මෙම ස්ථානය මුල්කරගෙන 1980 පමණ භූමිකම්පාවක් වාර්තාවූ පසුව එවැන්නක් නැවත සිදුව ඇත්තේ වසර 36 කට පසුව අද බවද වාර්තාවේ.
පහත පළවන්නේ භූමි චලනයන් නිසා සිදුවූ දේ කොරියානු ට්විටර් ජාලය ඔස්සේ හුවමාරුවූ ඡායාරූප කිහිපයකි.