භාරත ඝාතනය සම්බන්ධයෙන් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරනයේදී මරණ දඬුවම නියමව සිටි 5 දෙනාගෙන් පැමිණ සිටියේ 4 දෙනෙකි. අනෙක් තැනැත්තා අතුරුදන්වූ නිසා ඔහු නැතිව අවසාන කාලයේ නඩුව විභාගවූ බව කියැවේ.
ඒ අතුරුදන් පුද්ගලයා වූයේ ප‍්‍රියන්ත ජානක බණ්ඩාර නමැති පාතාල සාමාජිකයෙකි.


මෙම පුද්ගලයා මෙම වරදට අන්අය හසුවෙද්දී සැඟවී සිටින්නේද? ඔහු අල්ලන්නට පොලිසියට බැරිද? ඔහු අතුරුදන් නම් ඒ ගැන පරීක්ෂණයක් නැද්ද ආදී සැක මුසු තැන් දැන් මතුව තිබේ.
ඇතැම් නිල නොවන ආරංචි මගින් කියැවෙන්නේ මෙම පුදගලයා සුදුවෑන් එකක් මගින් රැගෙන ගොස් අතුරුදහන් කිරීමක් සිදුව ඇති බවයි.
අප‍්‍රකට පාතාල ඝාතනයක් ලෙස ඔහු මරා දමා ඇති බවටද සැකයක් පවතී. මින් ඉහත දෙමටගොඩ චමින්ද නඩු කටයුත්තක් නිමාකර බන්ධනාගාර බස් රථයක යද්දීද පාතාල ප‍්‍රහාරයක් බස් රථයකට එල්ලවූ නමුත් ඔහු අනූනමයෙන් බේරුණි.