රත්මලාන, ගුවන්තොටුපළ හන්දිය අසල මාර්ගයේ ලේ ගලන තුවාල සහිතව අභිරහස් අන්දමින් මියගොස් සිටි ගුවන් හමුදා බලගණ සැරයන්වරයාගේ අභිරහස් මරණයේ සුලමුල සීසීටීවී ඔස්සේ අකාවරණයවී තිබේ.

ගුවන් හමුදා කඳවුරට කුලී පදනම මත ලබාගත් වෑන් රථයකට බීමත්ව වැනෙමින් ආ සැරයන්වරයා හැපී තිබෙන බව සී.සී.ටී.වී. දර්ශනවල පටිගත වී තිබේ. එම අවස්ථාවේ බිම වැටෙන ඔහුව රෝහල් ගත කරන්නවත් උදව් නොකර රථය පැදවූ අය එැතින්න පළා ගොස් රත්මලාන ගුවන් හමුදා කඳවුර තුළම නවතා ඇත. පසුව

වෑන් රථය ද සමග එය පැදවූ සැකකාර ගුවන් හමුදා බලපන්ති සැරයන්වරයකු මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස මියගියේ මතුගම, අගලවත්ත, ගිරිකොළ පදිංචිව සිටි කේ. එස්. දේශප‍්‍රිය නමැති 40 හැවිරිදි ගුවන් හමුදා බලගණ සැරයන්වරයාය. ඔහු තිදරු පියෙකි.
මේ අතර මියගිය ගුවන් හමුදා සැරයන්වරයාගෙන් වහනය වූ රුධිරය මාර්ගයේ ගලාගෙන ගොස් තිබූ ස්ථානයක් සෝදා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද පොලිසියේ අවධානය යොමු වී තිබේ.