ජපානයේ ටෝකියෝ නුවරට ගිනිකොණදිගින් කිලෝමීටර් 230ක් පමණ දුර පැසිෆික් සාගරයේ රික්ටර් පරිමාණ 6.4ක ප්‍රබල භූ කම්පනයක්
ඇති වී තිබේ.මෙම භූ කම්පනය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වාදෙයි.
මෙයින් සිදුවූ අනතුරු ගැන තවම වාර්තා නොවේ.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරන්නේ වෙරළාසන්න කලාපයේ මුහුදු ජල මට්ටම්වල සුළු ඉහළ යෑමක් බලාපොරොත්තු විය හැකි බවකි.
තවම සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර නැත.
ටෝකියෝ හා ෆුකුෂිමා ප්‍රදේශ වෙත භූ කම්පන  තරංග දැනී තිබූ බව වාර්තා වෙයි.