ත්‍රීරෝද රිය ප්‍රපාතයට පෙරළි සැමියා මියයයි
බිරිය හා දියණිය තුවාලවී රෝහලේ

ඊයේ අළුයම 1.30 ට පමණ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සිදුවී ත්‍රිරෝද රථ අනතුරකින් එකම පවුලේ සැමියෙකු මියගොසින් බිරිය හා දැරිය තුවාල ලැබුවා.
තලවාකැලේ -ලිදුල  බෙයාවල් තේ වත්ත ප්‍රදේශයේදි
ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 25 ක් පමණ ප්‍රපාතයට පෙරලිම හෙතුවෙන්  මෙම අනතුරු සිදුව ඇත.
අනතුර නිසා ත්‍රීරෝද රථය පැදවූ එන්.ප්‍රස්ටන්(29)  එතැනම මියගිය අතර තුවාල ලත් දෙදෙනා ලිදුල රජයේ ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර තිබුණා.

මේ තිදෙනා තලවාකැලේ නාගසේන ප්‍රදේශයේ සිය ඥාති නිවසක උත්සවයක් සදහා සහභාගිවිමට යමින් සිටියදි මෙම අනතුර සිදුව ඇත.
පෙරලිගිය ත්‍රිරෝද රථය ගොඩනැගිල්ලක් ඉදිකිරිම සදහා සකස්කර තිබු බිම් ප්‍රදේශයක පෙරලි ගොස් තිබෙන බවද වාර්තා විය.
අනතුරට හේතුව රියදුරාට නින්දයාම විය හැකි බව පොලිසිය අනුමාන කරයි.
ලිදුල පොලිසිය පරික්ෂණමෙහේයවයි.

ඡායාරූප හා විස්තර -හැටන් - චන්දන ජයවීර