අලුත්ගම දුම්රිය ස්ථානයේ රාත්‍රී කාලයේ සැකකටයුතු ලෙස බොහෝ වේලා රැදී සිටි පාසල් සිසුවියන් දෙදෙනෙකු අලුත්ගම පොලිසියේ ප්‍රශ්න කිරීමකට ලක් කිරීමේදී අනපේක්ෂිත හැසිරීමක් වාර්තා වී ඇත.
වයස 13 හා 15 වියේ සිටි මිතුරියන් දෙදෙනෙකු බව කියන මෙම සිසුවියන් තම මව්පියන්ට නොදන්වා තරුණයෙකු සමග ගත කර නැවත නිවසට යාමට ප්‍රමාදවී මේ ආකාරයට සිටි බව පොලිසිය සොයාගෙන තිබේ.
අනතුරුව දැරියන්ගේ ආරක්ෂාවක් ගැන නොබැලූ තරුණයා ඔවුන්ව දුම්රිය ස්ථානයට පිටත් කර පිටව ගොස් තිබේ.
පොලිසියේ ඇසට යොමුවූ සිසුවියන් දෙදෙනාගේ දෙමාපියන් සිද්ධිය ගැන දැනුවත් කර සිසුවියන් වෛද්‍ය පරීක්ෂණ සදහා රෝහලට යොමු කර තිබෙන අතර මේ වනවිට අදාළ තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.