පසුගියදා නිව්යොර්ක්හි මෑන්හැටන්හී නිව්ජර්සි හා ලින්ඩෙන් ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පලායාමට තැත්කර ඇත.



එහිදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් සැකකරු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

නිව්යෝර්ක් මැන්හැට්න්හි සිදුවූ පිපිරීමෙන් 29 දෙනෙකු තුවාල ලැබූ අතර නිව්ජර්සිහි පිපිරීම සිදුවූයේ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රිය කිරීමට උත්සාහ කිරීමේදී ය.

28 හැවිරිදි මෙම පුද්ගලයා ඇෆ්ගනිස්ථාන සම්භවයක් සහිත අයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

මේ අතර සැකකරු අත්අඩංගුවට ගෙන විනාඩි කිහිපයකින් මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වූ ජනාධිපති බැරැක් ඔබාමා කියා සිටියේ අමෙරිකානුවන් බිය ගැන්වීමට උත්සාහ කළ ද ඔවුන් බියට පත් නොවන බව ය.