ශ‍්‍රීලනිප සමුළුවේදී 
දයාසිරි කඳුළු සැලූ හැටි  (වීඩියෝ)

පසුගියදා කුරුණෑගල මාළිගාපිටිය ක‍්‍රීඩංගණයේ පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සම්මේලනය අවස්ථාවේ විවිධ අයගේ කැපකිරීම් සහිතව ගොඩනැගුණු ශ‍්‍රීලනිප පක්ෂය ගැන ජනාධිපතිතුමා සිදු කළ සංවේදී කතාව අසමින් සිටි ඇමති දයාසිරි කඳුළු සැලූ පුවතක්
වාර්තා වෙනවා.
බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප‍්‍රිය ඊයේ පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම සිදුවීම තමාද දුටු බවට තහවුරු කළා.


දයාසිරි ඇමතිවරයා මින් ඉහත එජාපයේ සිටියදී පක්ෂ මාරු කිරීම ගැන සංවේදීවී වේදිකාවේ කඳුළු සැලූ පැරණි සිදුවීමක්ද වාර්තාවී තිබේ.
කුරුණෑගල මාළිගාපිටියේදී ඔහු කඳුළු සැලූ අවස්ථාවේ වීඩියෝව පහතින්