රුපියල් 620 ඩෙංගු ටෙස්ට් කිට් එක
අලෙවිය අත්හිටුවයි
මින් සතියකට පමණ පෙරාතුව ජාතික ඖෂධ අධිකාරිය මගින් හඳුන්වාදී විකිණීමට තබා තිබුණ ඩෙංගු රෝගය කල් ඇතිව හඳුනාගන්නට උපකාර කරන පරීක්ෂණ කට්ටලය අලෙවි කිරීම මේ වනවිට අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
රුපියල් 620 ක මුදලකට දිවයිනේ සෑම ඔසුසලකින්ම මිලට ගතහැකි ලෙස බෙදාහැර තිබුණ එම ඖෂධ කට්ටලය ලංකාවේ බහුලව පවතින ඩෙංගු රෝගය සාමාන්‍ය උණකින් වෙන්කර හඳුනාගන්නට උපකාරවූ අතර මෙම අත්හිටුවීමට බලපා ඇත්තේ
එහි දෝෂයක් නොව එය භාවිතයේදී පරිශීලකයන් දැක්වූ නොදැනුවත්භාවය බව වාර්තාවේ.
ජාතික ඖෂධ අධිකාරිය පැවැත්වූ සාර්ථක පරීක්ෂණවලින් පසුව මෙම ඖෂධ කට්ටලය වෙළෙඳ පොළට හඳුන්වාදී තිබිණි. එහි ඇති සිරිංජයක් මගින් ඩෙංගු උණ යයි සැකකරණ රෝගීන්ගේ රුධිර සාම්පලයක් ලබාගෙන එහි ඇති කුප්පියේ රසායන
නමුත් සාමාන්‍ය උණක් හෝ වෙනත් වෛරස් උණක් සෑදුණ රෝගියෙකුට වැළඳී තිබෙන්නේ ඩෙංගු උණද යන්න පරීක්ෂා කරන්නට පැය 20 ක්වත් උණ රෝගය පැවතී තිබිය යුතු අතර ඩෙංගු තත්වය මෙම පරීක්ෂණ කට්ටලයෙන් පෙන්නුම් කරන්නේ එම පැය ගණන ගතවූ රෝගීන්ගේ පමණි.
නමුත් ඔසුසල් මගින් එම කට්ටලය මිලට ගත් ඇතැමුන් එම උපදෙස හරියාකාරව තේරුම් නොගෙන කල් ඇතිව පරීක්ෂාව සිදු කර රෝගියාට ඩෙංගු නැතැයි නිශ්චය කර තිබෙන අතර පසුව සත්‍ය ලෙසම ඩෙංගු රෝගය වැළඳී ඇති බව දැනගෙන ඇත්තේ තවත් දින කිහිපයක් ගතවීමෙනි. මේ ආකාරයට වැරදි ලෙස පරීක්ෂා කිරීම් සිදු කර නොමග යන තත්වයක් තුළ ජීවිත අහිමිවන්නට තිබෙන අවදානම සලකා මෙම ඖෂධ පරීක්ෂණ කට්ටලය අලෙවි කිරීම තාවකාලිකව නවතා තිබේ. මහජනයා හරිහැටි දැනුවත් කිරීමෙන් පසුව නැවත මෙම කට්ටලය අලෙවි කරන්නට අපේක්ෂා කරන බව අධිකාරිය දන්වා තිබේ.
ඩෙංගු රෝගය වැළඳී ඇතැයි උපකල්පණය කරන කෙනෙකුට පැය 48 ක් වත් උණ රෝගය තිබේ නම් ඒ සම්බන්ධ වෛද්‍ය රසායනාගාරයකින් රුධිර පරීක්ෂණයක් සිදු කර ඒ බව දැනගත හැකිය. මෙම කට්ටලය මගින් ඉටු කර තිබුනේ ගෙදරදීම ඩෙංගු රෝගය දැනගැනීමේ පහසුවයි.