බබාලට හොඳම ඉස්කෝල ඕනැයි කියමින්
වෛද්‍යවරු 200ක් අද එළිවනතුරු
ඉසුරුපායේ නයිට ගහලා


තම දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී තමන්ට සිදුව ඇති අපහසුතාවලට විරෝධය පළ කරමින් මාතර, කුරුණෑගල සහ මහනුවර යන දිස්ත්‍රික්කවල රජයේ වෛද්‍යවරුන් 200ක් පමණපිරිසක් ඊයේ සිට අද දක්වා නිදිවර්ජිතව බත්තරමුල්ල ඉසුරු පායේ රාත්‍රී පහන් කරමින් විරෝධතාවයක
නිරතවෙමින් සිටී,
ඔවුන්ගේ දරුවන් හොඳම පාසල් වලට දමා දෙන්නට රජය උදව් කර නැති බව චෝදනාවයි. ඒ නිසා දැනට ඒ ඒප‍ෙදෙස් වල සාමාන්‍ය පාසල්වල එම දරුවන් ඉගෙනුම ලබන බවත් කෙසේ හෝ තම වෘත්තිය සලකා ජනප්‍රිය පාසල්ම එම දරුවන්ට ලැබිය යුතු බවත් ඔවුහු තර්ක කරති.

අද (15) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමටද ඔවුන් තීරණය කර තිබේ.


ඊයේ (14) තම දරුවන්ට ජනප්‍රිය පාසල් ඉල්ලා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අධ්‍යාපන අමාත්‍යංශය වෙත පැමිණ අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටි අතර එය ලබාදීම ප්‍රමාද වූ නිසා එය ලැබෙන තුරු ඔවුන් මේ වනවිටත් ඉසුරුපාය පරිශ්‍රයේ රැඳී සිටී.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා  ප්‍රකාශ කළේ පාසල්වලට ළමුන් ඇතුළත් කරගැනීමේදී වෛද්‍යවරුන්  මුහුණ දී සිටින ගැටළුවලට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවත් කුරුණෑගල, මහනුවර සහ මාතර දිස්ත්‍රික්කවල රජයේ රෝහල්වල අද පෙරවරු 08.00 සිට දහවල් 12.00 දක්වා පැය 04ක සංකේත වැඩවර්ජනයක නියැලීමට රජයේ වෛද්‍යවරුන් තීරණය කර ඇති බවත්ය.

වෛද්‍යවරුන් විශාල පිරිසක් බාහිර ආයතනයක මේ ආකාරයට රැය පහන් කර රැඳෙමින් විරෝධතාවක් නිරතවූ පළමු වතාව මෙයයි.

ඉසුරුපාය ඔඩිටෝරියම් එකේ නයිට ගැසූ ඩොක්ටර් නෝනලා මහත්තුරු (video) පහතින්