අධික ලෙස මත්පැන් පානය කළ සිය පියා ඇතුළු බේබද්දන් පිරිසක් විසින් දහතුන් හැවිරිදි බාලවයස්‌කාර දැරියක නිවසේදී සමූහ දූෂණයට ලක්වීමේ පුවතක් අනුරාධපුර හීදෝගම ප්‍රෙද්ශයෙන් වාර්තාවේ.

හිදෝගම කුඩා නෙළුබෑව ප්‍රදේශයේ පදිංචි හැට දෙහැවිරිදි බේබදු පියකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව 26 වැනිදා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත තිබේ.

වින්දිත දැරියගේ මව මීට වසර කීපයකට පමණ පෙර සැමියාගෙන් වෙන්ව වෙනත් නිවසක අනියම් සැමියකු සමඟ ජීවත්වන බවත්, මේ නිසා දැරිය සිය පියා සමඟ සිය නිවසේ ජීවත්ව ඇති බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.


අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහිවී ඇති දැරියගේ පියා තම හිතවතුන් සමඟ ඇතැම් දිනවල නිවසේදී මත්පැන් පානය කර ඇත. ඒ අනුව මීට දින කීපයකට පමණ පෙරද ඇගේ පියා සැකකරුවන් දෙදෙනා සමඟ සිය නිවසේදී මත්පැන් පානය කරන අතරතුර ඇයව බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌කොට ඇත.

අනතුරුව ඔවුන් විසින් සිදුකළ බිය ගැන්වීම් නිසා දැරිය මේ සම්බන්ධයෙන් තමන් ඉගෙනුම ලබන පාසලේ කිසිවෙකුට හෝ අසල්වාසී කිසිවකුට පවසා නැත. පසුව අනුරාධපුර විඡේපුර ප්‍රදේශයේ පදිංචි සිය ඥතියෙකුට ඇය මේ බව පැවැසීමෙන් පසු, අනතුරුව එම ඥතියා විසින් අනුරාධපුර පොලිසිය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වූ හිදෝගම පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සිද්ධිය පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇත.

රක්‍ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් අතර වින්දිත දැරියගේ පියා, සිවිල් ආරක්‍ෂක නියාමකවරයෙක්‌ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ සිවිල් සේවකයෙක්‌ වෙති.

දැරිය අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කොට ඇති අතර පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකෙරේ.

අනුරාධපුර පර්සි කුරුනේරු