‘මට විවිධ කරුණු කියලා චෝදනා දාලා තියෙනවා. මට කියන්න තියෙන්නේ මට මතක නැහැ කියලයි. මේ සියලු දේවල්වලට මා නිර්දෝෂියි' යැයි මරණ දඬුවම නියම කිරීමට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු
හිටපු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා විත්ති කූඩුවේ සිට ඊයේ (8දා) පැවැසීය.


විත්තිකාර දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම නියම කරන මොහොතේ ඔහු බිම බලාගෙන සිටිනු දක්නට ලැබිණි. තීන්දුවෙන් පසු ඔහු බැලීමට, ඔහුගේ ආධාරකරුවන් පොරකමින් සිටිනු දක්නට ලැබිණි. බන්ධනාගාරයේ සහ පොලිස් විශේෂ කාර්ය
බළකායේ විශේෂ ආරක්ෂාව යටතේ විත්තිකරු වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යනු දක්නට ලැබිණි.

ඉෂාර රත්නකාර (මව්බිම)