හම්බන්තොට තරුණයා ඇත්තටම පැන ගිහින්
පන්සලක සිටියදී පොලිසියේ භාරයට

පසුගියදා පොලිස් අත්අඩංගුවෙන් පැනගිය බවට හෝ පොලිසිය මගින් සාපරාධී ක්‍රියාවක් සිදු කොට අතුරුදන් කළ බවට සැක මතු කළ හම්බන්තොට බදගිරිය ප්‍රදේශයේ වාසය කළ තරුණයා පැනගොස් විහාරස්ථානයක සැගව සිටියදී සොයාගෙන තිබෙනවා.
ජී. ජී. ගයාෂාන් නම් වන මෙම තරුණයා දික්වැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක සැගවී ඇත්තේ
පොලිසිය තමාව අල්ලන්නට එයි යන බියද ඇතිව නිසා ඔහු සිටි තැනක් මේ දක්වා නිවසටද කියා නැත.
අතුරුදන්වීම සම්බන්ධයෙන් සහකාර පොලිස්‌ අධිකාරිවරයකු යටතේ විශේෂ මෙහෙයුමක්‌ ආරම්භ කර තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිස්‌ ස්‌ථානාධිපති පී. එම්. ජයරත්න ඇතුළු පොලිස්‌ නිලධාරීන් පස්‌දෙනකුට තාවකාලිකව ස්‌ථාන මාරුවීම් ලබාදී පසුව ඔවුන්ගේ වැඩ තහනමට ලක් කිරීමක්ද සිදු කර තිබුණි.


පොලිස් ලොග් පොතේ එම තරුණයාගේ නම ඉවත් කර තිබීමේ සැකකටයුතු සිද්ධියක්ද වාර්තාවී තිබුණ අතර මේ ගැන පොලිස් කොමිසම මගින්ද විශේෂ විමර්ශනයක් අරඹා තිබුණි.
මෙම තරුණයා වැසිකිලි යන බව පවසා පොලිසියෙන් ඉඩක් ලබාගෙන පළාගොස් ඇති අතර මාතර, දික්වැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක සිටියදී විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් පොලීසියට මේ ගැන දැනුම්දී ඇත. අනතුරුව උන්වහන්සේ විසින් පොලීසියට එම තරුණයා බාරදී ඇත.
මේ වනවිට ඔහු පොලිස් අත්අඩංගුවේ පසුවේ.
වී සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව හම්බන්තොට, බඳගිරිය ප්‍රදේශයේ තරුණයින් තිදෙනෙකු පසුගිය 5වනදා අත්අඩංගුවට ගැණුනු අතර ඉන් එක් තරුණයෙකු වූ ගජසිංහ ගමගේ ගයාෂාන් නමැති 20 හැවිරිදි මෙම තරුණයාගේ අතුරුදන්වීම ආන්දෝලනයක් මතුකර තිබුණි.