ඒකාබද්ධ විපක්‍ෂයේ මූලිකත්වයෙන් ගොඩනඟන ආණ්‌ඩු විරෝධි ජනතා බලවේගය ජාතික පක්ෂ එකමුතුව (JPA) නමින් කරළියට පැමිණීමට නියමිත බවත් ඒ සඳහා
දේශපාලන පක්‍ෂ 7 කට වැඩි ප්‍රමාණයක්‌ එක්වන්නට එකඟතාව පළකර ඇති බවත් වාර්තාවේ.

ලිබරල් පක්‍ෂය, කඳුරට ජනතා පෙරමුණ,
එක්‌සත් ලංකා පොදුජන පක්‍ෂය, ශ්‍රී ලංකා හරිත පක්‍ෂය, එක්‌සත් ලංකා මහා සභාව, ප්‍රගතිශීලී පෙරමුණ හා මුස්‌ලිම් ඔලමා පක්‍ෂය  මහින්ද බැසිල් ප්‍රමුඛ බලවේගයට එක්කාසු කරන්නට සාකච්ඡා පවත්වා ඇත්තේ බැසිල් රාජපක්ෂයි.
ජාතික පක්‍ෂ එකමුතුව ලෙස අලුතෙන් මෙම පක්‍ෂ ආණ්‌ඩු විරෝධී ජනතා බලවේගය සමග එක්‌වන බවත් ඉදිරියේදී සති දෙකකට වරක්‌ හමුවී ඉදිරි වැඩකටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට එකඟ වූ බවත්  ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මහින්ද මූලිකවී අරඹන මෙම නව ආණ්‌ඩු විරෝධී  ජන බලවේගය සඳහා සිවිල් සංවිධාන රැසක්‌ද එක්‌වීමට කැමැත්ත පළකර ඇත.