පසුගිය සතියේ අපවත්වී වදාළ රාමඤ්ඤ මහ නිකායේ අනුනායක නාඋයනේ අරියධම්ම හිමියන්ගේ අවසන් කටයුතු පවත්වනු ලැබූ අවස්ථාවේ ජාතික රූපවාහිනියෙන් සජීවී ලෙස විකාශයක් සිදු විය.

එහිදී හිටපු ජනපතිවරයා අවමංගල සභාව අමතන


අවස්ථාවත් සජීවීව ප‍්‍රචාරය විය. මේ ගැන ඇතැම් දේශපාලන පුවත් වාර්තා මගින් විවේචනයක්ද සිදු කර තිබුණි.
එම උත්සවයේ ජනපති අගමැති ආදීන් සහභාගී නොවී ඒ වෙනුවට ඔවුන්ගේ පණිවිඩ වෙනත් අය විසින් කියවනු ලැබූ අතර හිටපු ජනපතිවරයාට කතාවක් ලබාදීමට මුල්වී ඇත්තේ හිමි නමකි. ඒ සඳහා එහි සිටි ත්‍රෛනිකායික හිමිවරුන්ගේද විරෝධයක් පළවී නැත. කෙසේ වෙතත් උත්සවය මෙහෙයවූ ජාතික රූපවාහිනී නිවේදකයා උත්සවයේ කල් ඇතිව පිළියෙල කරගත් කතා ලැයිස්තුවට පිටතින් හිටපු ජනපතිගේ කතාවක් එක්කරන්නට යයි කළ ඉල්ලීම ගැන තැතිගැන්මට ලක්ව ඇත.
හිමි නම කතාව දාන්නැයි කී විට ඔහු ඒ සදහා අවසර නැති නිසා අදිමදි කර ඇත. පසුව උත්සව සංවිධායක වජිර අබේවර්ධන ඇමතිවරයා විමසීමේදී ඔහු තමාට කිසිවක් කිය නොහැකි බව කියා ඇත. ලයිව් ගලවන්නදැයිද නිවේදකයා පසුව විමසා ඇති අතර පසුව ජනමාධ්‍ය ඇමතිවරයාවද විමසා වෙනසක් නොකරම අවස්ථාව ලබාදී ඇත.