බොරැල්ල දෙකයි - මහනුවර තුනයි
නාවල දෙකයි - අපාර්ට්මන්ට් එකයි

මහින්දානන්දට අයිති
තැන්තැන්වල ඉඩම් ලැයිස්තුව


රුපියල් එක්දාස් දෙසීයක වැටුපකට රක්ෂණ එකතු නිලධාරියෙකු ලෙස අසූව දශකයේදී වෘත්තිය දිවිය ඇරඹූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කය තුළ ඉඩම් රැසක් ඇතුළු විශාල වත්කම්  හිමිකාරයෙකි. මේ සාර්ථකත්වය ගැන මුල්වරට කරුණු අනාවරණය වූයේ ඔහුගේ හිටපු බිරිය ඔහුගෙන් ඉවත්වීමෙන් පසුව 2013දී ඉල්ලූ විශාල වන්දි මුදල නිසාය. එම වන්දි මුදල පමණක් ලක්ෂ 5000 ක් වූ අතර
මාසිකව ලක්ෂ 50 බැගින් ගෙවන ලෙසද ඉල්ලා තිබුණි. හිටපු බිරිය දන්වා තිබුනේ ඒ මුදල ගෙවන්නට තරම් ඔහුට වත්කම් ඇති බවකි.එසේ කියූ ඇය ඔහුගේ වත්කම් විස්තර එකල ප්‍රසිද්ධ කළාය.
රක්ෂණ වෘත්තියෙන් පසු ඡන්දය ඉල්ලන්නට ගිය ඔහු 1995 දී මධ්‍යම පළාත් සභාව සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා බවට පත් වූ අතර පසුව 2000 දී පාර්ලිමේන්තුවට ඇතුළු පසුව මේ ප්‍රගතිය අත්පත් කරගෙන තිබේ.
අලුත්ගමගේ එරෙහිව මුදල් විශුද්ධිකරණය පනත යටතේ, 'බී' වාර්තාව (බී 22467/01/2015 නඩු අංක) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එමගින් කරුණු රැසක් අනාවරණය වෙයි.


70/3/1, කිංසි පාර, කොළඹ 7 දේපළ රුපියල් මිලියන 27 ක් ගෙවා මහින්දානන්ද හිටපු ඇමතිවරයා විසින් මිලදී ගෙන ඇති අතර එහි මිලියන 42 ක වටිනාකමට නිවසක්ද ඉදිකර ඇත.
ඔහු හා බිරියගේ නමට සම අයිතිය ඇති පර්චස් 20 ක ඉඩමක් කුරුප්පු පාර, බොරැල්ල ලිපිනයේද ඇත.එම ඉඩමෙහි වටිනාකම මිලට ගත් කාලයේ මිලියන15 ක් බවත් ඔප්පුවේ දැක්වෙන්නේ මිලියන 10 ක් ලෙස බවත් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
ජෝර්ජ් ඊ ද සිල්වා මාවත, මහනුවර ලිපිනයේ අලුත්ගමගේ යුවළ නමින් තවත් පර්චස් 3.5 ක, පර්චස් 7.8 හා 18.3 ඉඩම් තුනක්ද ඇති බව අනාවරණයවී තිබේ.
චන්ද්‍රා වෙත්තසිංහ මාවත, කොස්වත්ත, නාවල ලිපිනයේ බිරිඳගේ හා පුතාගේ නමට ලියූ තවත් ඉඩම් දෙකක්ද ඇති අතර ඒවා එකක් මිලට ගත් කාලයේ මිලියන 27 ක් හා අනෙක මිලියන 16 ක් බව වාර්තාවේ. (ඔප්පුවල සඳහන්වන්නේ පිළිවෙලින් මිලියන 11 හා 8 ලෙස අඩු වටිනාකම්ය)
මේ අතර  ට්‍රිලියම් රෙසිඩන්සීස් තට්ටු නිවාසයේද  153 9/2 අංක යටතේ නිවසක් අලුත්ගමගේ මහතාගේ බිරිඳගේ නම යටතේ ඒ කාලයේ රුපියල් මිලියන 28.5 මිලදී ගෙන ඇත.


ජපානයේ වාසය කරන ඔහුගේ සොහොයුරු හා සහෝදරියගේ නාමයන් යටතේද නිවාස මිලට ගෙන ඇති බවට වාර්තාවේ.
මීට අමතරව ඔහුගේ වාහන බලපත්‍රය විකිණීමේ ඇතිවූ ක්‍රමිකතා ගැන සහ දරුවන්ට ඉගැන්වීමට සිංගප්පූරු බැංකුවකට යොමු කළ මුදල් සම්බන්ධ සැකමුසුතැන් මතුව තිබේ.
1987 දී රක්ෂණ සමාගමක එකතු නිලධාරියා වී ඇති හෙයින් ඔහුගේ අසාමාන්‍ය වත්කම් සම්බන්ධයෙන් පසුගිය රජය කාලේ බිරියගේ පැමිණිල්ල මත 2013 දී ප්‍රශ්න කිරීමක්ද සිදු කර තිබුන අතර ඔහුගේ දෙමාපියන් එනසාල් වතු තිබූ බව දක්වමින් තම මුතුන්මිත්තන්ගේ ධනය උරුම බව කියමින්
එම චෝදනාවලට පිලිතුරු දී තිබුණ බවද පැවසේ.

මහින්දානන්දගේ බිරියගේ පැමිණිල්ලෙන් රහස් එලිවුණ හැටි ගැන මන්ත්‍රී අනුර කුමාර දිසානායක 2014 සිදු කළ කතාව පහතින්