පසුගිය 14 වනදා කොළඹ හිල්ටන් හෝටලයේදී
ප්රකට සහල් ව්යාපාරික හා ජනපති සොයුරු ඩඞ්ලි සිරිසේන මහතාගේ පුතුගේ විවාහ මංගල උත්සවය පැවැත්වුණා.
උත්සවය අතරවාරයේ ගෝඨාභය රාජපක්ෂ , රනිල් වාඩිවූ මේසයේ වාඩිවී කතාවේ නිරතව සිටි අතර ජනපතිද පසුව එක්ව වාඩිවී මිනිත්තු 20 ක පමණ සාකච්ඡාවක් පැවතී ඇත. ආණ්ඩු පෙරලියෙන් පසු ගෝඨාභය සමග ඔවුන් හමුවූ පළමු වතාව එය විය.
මෙම උත්සවයට නාමල් රාජපක්ෂ ආවත් අගමැති හෝ ජනපති දෙදෙනා හමුවීම මගහැරුණ බව වාර්තා වුණා.