තවත් වසර 3 ක කාලයක්‌ තමන් එක්‌දින සහ විස්‌සයි/20 තරග නියෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඒ අතරතුර කාලයේදී තමාගේ සේවය ශ්‍රී ලංකා කණ්‌ඩායමට අවශ්‍ය වන්නේ නම් එය ලබාදීමට තමා සූදානමින් සිටින බවත් සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සඳහන් කර සිටියි.

පාදයේ සිදු කරන ලද ශල්‍යකර්මයත් සමගම මාලිංග එක්‌දින තරග අංශයෙන් සමුගැනීමේ සූදානමක්‌ පවතින බවට පැතිර යන රාවය පිළිබඳව කරන ලද කරුණු විමසීමකදී මාලිංග ඉහත අදහස්‌ පළ කර සිටියේය.