කාන්තාවකට ලිංගික අතවර කරන්නට ගිය පුද්ගලයෙකුට  එම කාන්තාව තමාට සමාජ රෝග ඇතැයි බොරුවක් කියා බිය ගැන්වීම නිසා දූෂණයට ලක්වීමෙන් බේරීමට හැකිවූ සිද්ධියක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

කසිප්පු තිබී හසුවීමේ වරදක් සිදු කළ සේවා ස්ථානයක දඩයක් ගෙවීමට

අපොහොසත් වූ  හිමිකරු බේරාගැනීමට හිමිකරුගේ යහළුවකු සමඟින් මුදල් සෙවීමට ගිය මෙම කාන්තාව පන්නල මාකඳුර ප්‍රදේශයේ 30 හැවිරිදි විවාහකයකු තනිව සිටි නිවසකට ගිය අවස්ථාවේ මෙම අතවරය සිදු කරන්නට උත්සාහ දරා තිබේ.
කාන්තාව වෙනත් නිවෙසකට ගෙනගොස් ලිංගික අතවර කරන්නට උත්සාහ කළ සැකකරු විකෘති කාමාශාවකින් පෙළෙන අයෙකු බවද වාර්තා විය. ඔහු අතවර කරන්නට සැරසෙන විට තමාට ඒඩ්ස් ඇති බවට ඇය කෑගැසූ නිසා අතවරකරු බියවී ඇති අතර පසුව ඇගේ රහස් ප්‍රදේශ ඔහු සපා කා තුවාල කර පිටත් කළ බවද වාර්තා විය.
පොලිසියට සිද්ධිය වාර්තා කිරීමෙන් පසුව ඇයව රෝහල් ගත කර තිබේ.
ඇගේ සාක්ෂි මත අත්අඩංගුවට ගත් සැකකරු    කුලියාපිටිය මහෙස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක රක්ෂිත බන්ධනාගාරයට නියම කර තිබේ.
පන්නල පොලිස් ළමා හා කාන්තා ඒකකය ඉදිරි පරීක්ෂණ සිදු කරයි.