මර්වින් සිල්වා සාහිත්‍ය උත්සවේකට ඇවිත්
වලියකට සෙට් වෙලා


ඊයේ කොළඹ මහවැලි කේන්ද්‍ර ශාලාවේ ග‍්‍රන්ථයක් දොරට වැඞීම සම්බන්ධයෙන් පැවති උත්සවයකට හිටපු ඇමති මර්වින් සිල්වා කැඳවා තිබුණ අතර ඔහුගේ නම සඳහන් කරමින් දේශකයෙකු දැක්වූ අදහස් නිසා හිටපු ඇමතිවරයා සභාවෙන් නැගිට යන්නට හදමින්
කලබලයක් කර තිබුණා.
භාරත ප‍්‍රභාෂණ තෙන්නකෝන්ගේ ‘ඊළඟ කෑල්ල’ නමැති නවතම කෘතිය එළිදැක්වීම සදහා පැවති මෙම උත්සවයට ඉරුදින පුවත්පතේ මාධ්‍යවේදි කසුන් පුස්සැල්ල උත්සව සභාව අමතමින් කියා සිටියේ ඉකුත් රජය සමයේ මාධ්‍යවේදින්ට තර්ජන


තිබුණ බවත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා වැනි මාධ්‍යවේදීන්ට බලපෑම් කළ පුද්ගලයෙකු මෙහි සිටීම ගැන පුදුම වන බවත්ය.
අනතුරුව හිටපු ඇමතිවරයා එතැනින් නැගිට යාමට සැරසී සභාව තුළ සිටගෙන කථාබහක් ඇති කර තිබෙන අතර පසුව මාධ්‍යවේදියා කියා ඇත්තේ තමා මෙතැනින් ඉවත්වීම වඩා සුදුසු බවයි.
අවසානයේ මර්වින් සිල්වා එතැනින් ගියේ නැති අතර කතාවක්ද පැවැත්වුවා. සාහිත්‍ය දේශණයක් පැවැත්වීමට තමාට ලැබුණු අවස්ථාව පිළිබද අදහස් දැක්ව ඔහු මගේ අම්මා කියලා තියෙන්නේ බැරි සිල් නොගනින් අබරෝ කියලා නමුත් මං පොඩි ට‍්‍රයි එකක් දැම්මා අම්මා කියපු දෙයින් එහාට යන්න‘‘ ලෙස කතාවේදි කියා ඇත.