නෂ්ටාවශේෂ මිනුවන්ගොඩ දෙවලපොළ ආනන්ද මහා විද්‍යාල භූමියේ සිදු කළ කැණිමකදී සොයා ගත් බව
කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මංගල
කටුගම්පොළ මහතා ඊයේ 28 පැවසීය..
දෙවලපොළ පාසල් බිමේ ඉපැරණි සුසාන භූමියක් පැවති බවට ගම්වාසීන් අතර පැවති තොරතුරක් මත කරනු
ලැබූ දැනුම් දීමක් අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිල අවසරය ඇතිව ජ්‍යෙෂ්ඨ
කථිකාචාර්ය මංගල කටුගම්පළ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ හා ප්‍රකාශන අංශයේ
මූල්‍යමය අනුග්‍රහය මත මෙම කැණීම් කටයුතු ආරම්භ කළේ පසුගිය 15 වැනිදාය.
කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාරය චන්දිම බෝගහවත්ත පුරාවිද්‍යා පශ්චාත්
උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රංජිත් බණ්ඩාර දිසානායක මහත්වරුන් ප්‍රමුඛ කණ්ඩායමක් මෙම
කැණීම් කටයුතුවල යෙදී ඇත.
දෙවලපොළ පාසලට ඇතුළු වන ප්‍රවේශ මාර්ගයේ කොටසක් මෙසේ කැණීම්වලට ලක් කිරීමේදී මැටි
කුටීරවලින් නිමැවූ සුසාන භූම්ය පොළොව මට්ටම ආසන්නයේදීම හමුවී ඇත. පොළොවේ ඔරුවක් හැඩය ඇතිව
මැටි ගසා සාදන ලද බරණි තුළ මැටි මුට්ටි කිහිපයක අළු දමා තැන්පත් කර තිබියදී හමුවී තිබේ. කීප
දෙනෙකුගේ දේහයන් දැවීමෙන් පසු ඉතිරිවූ අළු මෙම මුට්ටි තුළ ඇති බව විශ්වාස කෙරේ.
මෙවැනි සුසාන භූමි දැකිය හැකි වන්නේ තෙත් කලාපයේ හා අන්තර් සංක්‍රාන්තික මධ්‍ය කලාපයේ බව
ආචාර්ය මංගල කටුගම්පොළ මහතා සඳහන් කළේය. මෙවැනි සුසාන භූමි උඩරංචමඩම, කලෝටුවාව
ප්‍රදේශයන්ගෙන් සොයා ගෙන ඇති බවත් ගස්පේ ප්‍රදේශයේ ඇති බවට වාර්තා වී ඇති බවත් කටුගම්පොළ
මහතා කීය. දැනට හමුවී ඇති කොටස් භෞතික ලක්ෂණ අනුව වසර තුන් දහසකට වඩා පැරණි බවට අනුමාන
කළ හැකි යැයිද මෙම පර්යේෂණය තුළින් විධිමත් කාල නිර්ණයක් තීරණය කිරීම, හමුවී ඇති අවශේෂ
කොටස්වලින් එදා ජනතාව ජීවත්වූ අන්දම ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර, සංස්කෘතික ලක්ෂණ හා සමාජීය
පසුබිම හෙළිකරගැනීමට හැකි වෙතැයිද කටුගම්පොළ මහතා සඳහන් කළේය.
ලැබී ඇති අඟුරු සාම්පල් විශ්ලේෂණය කිරීමෙන් කාල නිර්ණය කිරීමත් වළං කටුවලින් එදා මිනිසා ගේ
සංස්කෘතික හා සාමාජීය ලක්ෂණ අනාවරණය කර ගැනීමටත් ඔවුන්ගේ අවමගුල් චාරිත්‍ර පිළිබඳව හෙළි කර
ගැනීමටත් අපේක්ෂා කෙරෙන අතර තවදුරටත් කැණීම් කටයුතු සිදු කෙරෙමින් පවතී.