ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ ඥාති පවුල් දෙකකට අයත් අවුරුදු 11ක පිරිමි දරුවෙකු සහ අවුරුදු 9 ගැහැණු දරුවෙකු ඊයේ අතුරුදන්වීම නිසා කලබලයක් ඇතිව තිබුණා.
 උප්පුවේලි මිහිදුපුර නිවසේ සිට ගෝරන්කාඩු ප්‍රදේශයේ උපකාරක පන්තියකට ඊයේ (12) හවස ගිය ඔවුන්

රෑ වෙනතුරුත් නිවසට ආවෙ නැති නිසා කලබල වුනු දෙදෙනාගේ මව්පියන් ඒ බව උප්පුවේලි පොලීසියට දැනුම්දී තිබිණි.
ඒ අනුව පොලිස් කණ්ඩායම් 5ක් මේ දරුවන් සොයන්න පරීක්ෂණ ආරම්භ කළ අතර
ගම කිට්ටුවම තිබූ

ආන්දන්කුලම් වැව් ඉවුරේ තිබි මේ දරුවන් දෙදෙනාගේ කියා සැකකරන ඇඳුම් හා ලියුමක්ද හමුවී තිබුණි.
“අම්මට මම ගොඩක් ආදරෙයි අපි වැවට නාන්න ගියා ඒ බව ගෙදරට ආරංචි වෙයි කියන බය නිසා අපි ගෙදර එන්නේ නැහැ. I love u අම්මා.” යනුවෙන් එහි ලියා තිබුණි.
අද සිදු කළ පොලිස් ප්‍රචාර වලින් පසුව මෙම ළමයින් පිළිබදව සැක සිතුණු දුම්රියේ ගමන් ගත් කාන්තාවක් කළ දැනුම් දීමකට අනුව දරුදෙදෙනාම මඩකලපුව බලා යන දුම්රියක ගමන් ගනිමින් සිටියදි නිරුපද්‍රිතව සොයාගෙන තිබෙනවා.
 ළමයින් දෙදෙනා වාලච්චේන ප්‍රදේශයේදී පොලිසිය භාරයට ගෙන දෙමාපියන් වෙත යොමු කර ඇත.