නාමල්ට අයිතිව තිබූ 
ෆෝඞ් මස්ටෑන්ග් වාහනය එෆ්සීඅයිඞීයට


පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් භාවිත කර තිබුණ සුඛෝපභෝගී මෝටර් රථයක් අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය භාරයට ගත්තා.
Ford Mustang වර්ගයේ මෙම රථය නාමල් රාජපක්ෂ මහතා මිලදී ගෙන තිබෙන්නේ
ඔහු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුව සිටි 2010 වසරේදී ය.
එතැන්සිට වසර 6ක් එය භාවිත කිරීමෙන් පසුව මීට මාස කිහිපයකට පෙර එය හර්ෂ ද සිල්වා නමැත්තෙකුට ඔහු විකුණා තිබේ.

අද සවස පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හර්ෂ ද සිල්වා එම රථය ලබාගත් ආකාරය ගෙවූ මුදල් ආදිය පිළිබඳ කරුණු සටහන් කරගෙන තිබේ.
කඩුවෙල ප‍්‍රදේශයේ ගරාජයක් තුළ තිබී අද පොලීසිය භාරයට ගත් එම මෝටර් රථය මේ වන විට කොළඹ කොටුවේ පිහිටි මූල්‍ය අපරාධ කොට්ඨාශ ගොඩනැගිල්ල ඉදිරිපිට ආවරණයකින් වසා නවතා ඇත.
නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා තීරු බදු සහන යටතේ මෝටර් රථය ගෙන්වා ඇති බව ද වාර්තාවේ.

පහත පළවන්නේ ඉහත ආකාරයේ Ford Mustang 2010 වාහන මොඩලයක අන්තර්ජාලයේ පළව තිබෙන ආදර්ශ හැඳින්වීමකි.