ඇමරිකාවේ  9/11 ප්‍රහාරය 15 වන සංවත්සරය සනිටුහන් කර සතියකට පසු ඊයේ සෙනසුරාදා රාත්‍රී 8.30 ට පමණ නිව්යොර්ක්හි මෑන්හැටන්හි 23 වන වීදිය 131 දරණ ස්ථානයේ කසළ බඳුනක සවිකළ බෝම්බයක් පුපුරා ගොස් තිබේ. මෙය
හිතාමතා සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සැලකෙන අතර රාත්‍රී විනෝදවන ජනගහනය ගැවසෙන පෙදෙසක ඇතැවූ මෙම පිපිරීම නිසා 29 දෙනෙකු බරපතල තුවාල ලබා ඇත.
 බාර්, අවන්හල් සහ සුඛෝපභෝගී තට්ටු නිවාස සහිත මෙම ප්‍රදේශයේ සති අන්තයේ කාර්ය බහුල කාලයක පිපිරුම සිදු කර ඇත.

 ගොඩනැගිල්ලක් ඉදිරිපිට උපකරණ කට්ටලයක් අසළ පිපිරුම සිදුවන ස්ථානයේ ගැවසුණ පුද්ගලයකු ගැන  අඛණ්ඩ පරීක්ෂණ සිදුවන බව පොලිසිය දන්වා ඇත.
මෙම පිපිරුමට ටික වේලාවකට පෙර නිව් ජර්සිහි භූගත නලයක්ද පිපිරී ඇති අතර මේ දෙක අතර සම්බන්ධයක් ඇතිදැයි විමර්ශන කෙරේ. එම නල පිපිරුමෙන් කිසිවෙකුට හානි සිදුවී නැත.
71 වන එජා මහ සමුළුව හෙට නිව්යෝර්ක් නුවර ඇරඹෙන අතර මේ සඳහා ලෝකයේ රටවල් රැසක රාජ්‍ය නායකයන් එරටට පැමිණ සිටින මොහොතක මෙය සිදු කර ඇත.