යතුරු පැදියෙන් පෙරළුණ තරුණයා
නුවන් කුලසේකරගේ වාහනයට
යටවූ හැටි


ඊයේ සවස කොළඹ-නුවර මාර්ගයේ කඩවත,රන්මුතුගල ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නුවන් කුලසේකර පැදවු රථයකට යටවීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වුණා. කුලසේකර ඒ වන විට නුවර සිට ‍කොළඹට වාහනයේ පැමිණෙමින් සිටියා.
යතුරුපැදියෙන් ආ තරුණයා අනෙක් පසින් පැමිණ ඇත.
රන්මුතුගල සිද්ධිය වූ ස්ථානයේදී ඔහුට යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගය මැද පිහිටි කොන්ක්‍රීට් තීරුවේ ගැට්ටක වැදී පැත්තකට විසිවී
පෙරළී තිබෙන අතර ක්ෂණයකින් සිදුවූ සිද්ධියත් සමග ඔහු පාරේ අනෙක් පැත්තේ වාහන ධාවනය වන දෙසට විසිව තිබේ. ඔහු බේරන්නට බස් රථයක් පැත්තකට කර ඉඩදුන් නමුත් ඊළගට පැමිණෙමින් සිටි නුවන් කුලසේකරගේ කාර් එකට ඔහුව බේරන්නට ඉඩක් නොතබාම යටවී ඇත. තරුණයාගේ හිස එම කාර් රථයේ රෝදයට යටවී පොඩිවී යාම නිසා ඔහු එතැනම මියගිය බව දුටුවන් වාර්තා කර තිබේ.


අනතුරින් මියගොස්‌ ඇත්තේ නිට්‌ටඹුවේ පදිංචි දිනේෂ් අරවින්ද නිශ්ශංක නමැති 28 හැවිරිදි තරුණයෙකි.
සිද්ධියෙන් පසු පොලිස් අත්අඩංගුවට පත් නුවන් කුලසේකර ඊයේ රාත්‍රියේම කඩවත මහේස්ත්‍රාත්වරිය හමුවට පමුනුවන ලදුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරියේ ලබන 26 වනදා ඒ ගැන විභාගයට අධිකරණයේ පෙනී සිටින ලෙසද දන්වමිනි.

මෙම අනතුර සිදුවූ අවස්ථාවේ ඡායාරූප පහතින් පළවේ.



Pix By-dinamina.lk