8.35 pm update
නුවන් කුලසේකර
ඇප මත නිදහස්


රන්මුතුගල දී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ක්‍රීකට් ක්‍රීඩක නුවන් කුලසේකර පැය කිහිපයක් තුළ පොලිස් ඇප මත මුදා හරිනු ලැබ තිබේ.
වාර්තාවන ආකාරයට යතුරු පැදියේ ගමන් කර ඇති නිට්ටඹුවේ පදිංචි තරුණයා (28) ගේ නොසැලකිල්ල නිසා යතුරු පැදිය පාරේ ගැට්ටක වැදී පාර මැදට විසිවී තිබෙන අතර
එයට ආසන්න වෙනත් රථයක් ඔහු මගහැර වාහනය ඉවතට ගෙන ඇත. නමුත් පිටුපසින් පැමිණි කුලසේකරගේ වාහනයට තරුණයා යට වී ඇත.
තමාට එක්වරම සිදුවූ දේ ගැන තේරුම් ගන්නට බැරිව ගිය බව කුලසේකර පොලිසියට පවසා ඇත.

පෙර වාර්තාව---------------------------
ප.ව.7.15

රිය අනතුර නිසා තරුණයෙකු මියයාමෙන් නුවන් කුලසේකර අත්අඩංගුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රකට වේගපන්දු යවන ක්‍රීඩක  නුවන් කුලසේකර රිය අනතුරක් සිදු කර
පුද්ගලයෙකු මරණයට පත් කිරීම සම්පන්ධ සිද්ධියකට මැදිවී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.


කඩවත කිරිල්ලවල  රන්මුතුගල ප්‍රදේශයේදී නුවන් වේගයෙන් පදවා ගිය මෝටර් රථයට අද සවස තරුණයෙකු ගැටී ඇති අතර එම අනතුරින් තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
තරුණයා ගමන් කරමින් සිටි යතුරුපැදියෙන් ඇදවැටීමෙන් පසු මෝටර් රථයට යටවී ඇති බව පොලීසිය පවසයි.
මියගිය තරුණයා නිට්ටඹුවේ පදිංචි 28 හැවිරිදි අයෙකු බවට හඳුනාගෙන ඇත. මේ වන විට  ක‍්‍රීඩක නුවන් කුලසේකර පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයේ රඳවා සිටින ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.