රුපියල් මිලියන 1,750ක ගනුදෙනුවක් වූ මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියෙන් සිදුව ඇතැයි පවසන වංචාව පිළිබඳ ප්‍රශ්න කිරීමට මහජන
බැංකුව ලබන (22දා) කෝප් කමිටුවට කැඳවීමට තීරණය කර තිබේ.
මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීමේ මිලියන 1,750 ගනුදෙනුවෙන් මේ වන විට

මිලියන 500කට අධික මුදලක් වැය කර ඇති බවත් එය සිදුකර ඇත්තේ කිසිදු සමාලෝචනයකින් තොරව බවත් තමාට වාර්තා වී ඇතැයි කෝප් කමිටු සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පවසයි.

නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව සිදුකර ඇති මේ ගනුදෙනුව සම්බන්ධවත් අදාළ ගනුදෙනුවට අදාළව තනි ගැනුම්කරුවකු පත් කර ගැනීම ඇතුළු සියලු තොරතුරු පිළිබඳව කෝප් කමිටුව විමසීම් සිදු කිරීමට සූදානම් බව සභාපතිවරයා පැවැසීය. ඔහු පෙන්වා දෙන්නේ රට පුරා ලක්ෂ සියයකට වැඩි ජනතාවගේ මුදල් තැන්පත් කර ඇති මහජන බැංකුවේ සිදුව ඇති මූල්‍ය අවභාවිතාව පිළිබඳව අදාළ තොරතුරු ඉදිරියේදී හෙළි කිරීමටද තමන් සූදානම් බවය.
අනුරාධා හේරත් (මව්බිම)