ශ්‍රී ලංකාවේ කෘමි සතුන්ගේ ඇති බැක්ටීරියා විශේෂයක් මඟින් ඩෙංගු මදුරුවන්ගේ ව්‍යාප්තිය පාලනය කළ හැකි ක්‍රමවේදයක් සොයා ගෙන ඇතැයි රාගම වෛද්‍ය පීඨයේ පරපෝෂිතවේදය පිළිබඳ මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා පවසයි.
පරීක්ෂණාගාරයේදී කෘමීන්ගෙන් ලබා ගන්නා එම බැක්ටීරියාව ඩෙංගු පිරිමි
මදුරුවාට ඇතුළු කිරීමෙන් එම මදුරුවන් වඳභාවයට පත්කළ හැකි බව

මහාචාර්යවරයා පවසයි.
මෙහි ප්‍රතිඵලයක් වශයෙන් පිරිමි මදුරුවන් හා එක්වන ගැහැනු මදුරුවන්ගේ කීට ගහනය අඩුවන බව ඔහු පෙන්වා දෙයි.

ඔස්ටි්‍රයාවේ වියානාහි අන්තර්ජාතික පරමාණුක ශක්ති ඒජන්සිය හා ජාතික පර්යේෂණ සභාවේ සහාය ඇතිව රාගම වෛද්‍ය පීඨයේදී මේ පර්යේෂණ සිදුකළ බව විමලධර්ම මහතා සඳහන් කෙළේය.
මේ පර්යේෂණාගාරයේදී පරමාණු විකිරණ ශක්තිය භාවිත කරමින්ද පිරිමි මදුරුවන් වඳ භාවයට පත් කර පරිසරයට මුදා හැරීමෙන් ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ පරීක්ෂණයක්ද ක්‍රියාත්මක කර ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

නිට්ටඹුව - විජේපාල කොඩිතුවක්කු