කාන්තා පාසලේ තාප්පයේ හැපුණ
රමිත්ගේ වාහනය


බීමත්ව රිය පදවා පොලිස් අත්අඩංගුවට පත්වූ ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල අද උදෑසන නෙළුම් පොකුණ රගහල ආසන්නයේදී අනතුරට ලක්වූ අවස්ථාවේ ඡායාරූප මේ සමග දැක්වේ.
බීමත්ව අධික වේගයෙන් පැදවූ ඔහුගේ රිය ගසක වැදී පාරෙන් ඉවතට පැන
කාන්තා විද්‍යාලයක තාප්පයක වැදී  නතර වී තිබුණි.

පෙර වාර්තාව

-------------------

උදේ පාන්දර බීලා ගහක හප්පලා රමිත් රඹුක්වැල්ලත් අත්අඩංගුවට

ක්‍රිකට් ක්‍රිඩක නුවන් කුලසේකරගේ රිය අනතුරු සිද්ධිය සිදුවී සතියක් යන්නට මත්තෙන් තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු අනතුරක් සිදු කර පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
අද උදෑසන කොළඹ 7 නිදහස් මාවතට ආසන්න ප්‍රදේශයේදී
සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මෝටර් රථය පැදවූ ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල


පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ඔහු අධික වේගයෙන් පදවාගෙන ආ මෝටර් රථය ගහක හැපී තාප්පයකද හැපී තිබෙන අතර සිද්ධියෙන් වාහනයට හානි වුණත් ඔහුට අනතුරක් සිදුව නැත. නමුත් අනාරක්ෂිත ලෙස රිය පැදවූ ඔහුව පරීක්ෂා කිරීමේදී බීමත්ව රිය පැදවූ බවට හෙළිව ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් මීට ටික වෙලාවකට කුරුදුවත්ත පොලිසිය වෙත රැගෙන ආ බවද වාර්තා වුණා.
රමිත් රඹුක්වැල්ල බීමතින් ඉහළ අහසේදී ගුවන් යානයක දොරක් විවෘත කරන්නට යාමෙන්ද ප්‍රසිද්ධියට පත්වූ අයෙකි.







Pix courtesy By nethnews.lk