පළපුරුදු විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැනීමේ වයස් සීමාව
අවුරුදු 63දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කොට ඇත.


දිවයිනේ රෝහල්වත සායනික අංශයන්හි විශේෂ වෛද්‍ය තනතුරු 1164ක් පුරප්පාඩුව පවතී. පවතින ක්‍රමවේද යටතේ මෙම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා සැලකිය යුතු කාලයක් ගතවන බැවින් හා සිය සේවා කාලය තුළ ලබා ගන්නා අත්දැකීම් සහ පළපුරුද්ද අනුව මෙලෙස විශ්‍රාම ගැනීමේ වයස් සීමාව දීර්ඝ කොට ඇත.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම තීරණය ගෙන ඇත.