මේ දක්වා පොලිස් බල ප්‍රදේශයේ වාහනය ලියාපදිංචිවීමට පමණක් නියම කර තිබුණ ත්‍රිරෝද රථ වල රියදුරන් සඳහා ද මගී ප්‍රවාහන බලපත්‍රයක් අනිවාර්ය කරන්නට නියමිත බව
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ දන්වා සිටී. මෙය රියදුරු විසින් ත්‍රීෙරා්ද රථවල සෙනග ගෙනයාම සඳහා අවසරය ලබන බලපතකි.
ඊයේ (24) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ත්‍රිරෝද රථ නියාමනය
කිරීමේ වැඩපිළිවෙලෙහි එක් අංගයක් ලෙස මෙය ක්‍රියාවට නංවන බවයි.
සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේන කියා සිටියේ ත්‍රිරෝථ රථ නියාමනය කිරීම යහපත් ක්‍රියාවක් වුවත්, එවැනි යාන්ත්‍රණයක් සැකසීමට
ප්‍රවාහන අමාත්‍යාංශයට බලයක් නොමැති බවකි.