කීර්ති හා ජානකගේ පැමිණිල්ලෙන් පසු
රැප් වේදිකාවේ කුණුහරුප කියූ
කයිසර් කයිස් 
කොහුවල පොලිසියේ


පසුගියදා පැවති සංගීත ප‍්‍රසංගයක් අතරතුර රැප් ගායකයෙකු ප‍්‍රසිද්ධියේ අසභ්‍ය වචන පාවිච්චි කිරීම නිසා ඊයේ ඔහු පොලිස් ප‍්‍රශ්න කිරීමකටද ලක්වුණා.
ගල්කිස්සේ පැවතියායයි කියන මෙම ප‍්‍රසංගයේදී කයිසර් කයිස් නමැති රැප් ගායකයා පිරිසක් සමග එක්ව සභාව උද්දාමයට පත්කිරීමේ අරමුණින්දෝ ඉතාම පහත් ආකාරයට
අම්මාව මතක් කරමින් කුණුහරුප කියා තිබුනේ එහි මුල් පදය ගායකයා කී පසු ඉතිරි කොටස සභාවේ අයට හඬ නගන්නැයි ඉල්ලමිනි.
මෙම කොටස කිසියම් අයෙකු ජංගම දුරකථනයකින් වීඩියෝ කර අන්තර්ජාලයට මුදාහැරීමෙන් පසුව මේ ගැන කථාබහක් ඇති විය.

සිංහල ගීත කලාව මේ ආකාරයේ අවභාවිතාවකට ලක්කිරීම සම්බන්ධයෙන් විස්සෝපයට පත් ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් හා ලේකම් ජානක වික‍්‍රමසිංහ මේ ගැන කොහුවල පොලිසියට ඊයේ පැමිණිල්ලක් කර තිබුණ අතර පසුව ඊයේ සවස කයිසර් කයිස් පොලිසියට ගෙන්වා පැයකට ආසන්න කාලයක් ප‍්‍රකාශයක් ලබාගෙන මුදා හැර තිබුණි. ඔහු සම්බන්ධ ගැටලූව ඉදිරි දිනවලදී අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.
කයිසර් කයිස් කියා ඇත්තේ ඊට පෙර ප‍්‍රසංගයේ ඇතිවුණ සිදුවීමක් නිසා මෙම වචන තමා පිට කළේ කෝපයට පත්ව සිටි අවස්ථාවක බවත් නොදැනුවත්ව සිදුවූ දේ ගැන කණගාටුවන බවත්ය.
ඔහු සිය ෆේස් බුක් පිටුව ඔස්සේද ඊට සමාන ප‍්‍රකාශයක් දක්වා සමාව අයැද ඇත.
පහත පළවන්නේ කයිසර් කයිස්ගේ මතභේදාත්මක අසභ්‍ය කතා කියූ අවස්ථාවේ වීඩියෝවයි.(අසභ්‍ය වචන හඬ කොටස් ඉවත් කර ඇත)