වැලිගම මිරිස්ස ප්‍රදේශයේ සංචාරයක් සදහා ලංකාවට පැමිණි සිටි  23 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික තරුණියක ඇය නතරවී සිටි හෝටලයක් අසලදී කොල්ලකෑමක් නිසා තුවාල ලබා ඇත.
ඇයගේ ගමන් බෑගය උදුරාගෙන පළායන්නට හැදූ තරුණයෙකු එම බෑගය ඇගේ අතේ එල්ලී තිබෙන නිසා
එම පටිය කපන්නට පිහියක් දග=කර ඇති අතර එම අවස්තාවෙහි කලබලය නිසා කොල්ලකරු අතින් තරුණියගේ පාදයක් කැපී ඇත.
කෙසේ හෝ බෑගය රැගෙන කොල්ලකරු පළා ගියද  සැකකරු


මිරිස්ස ප්‍රදේශයේදී වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පෙරේදා (13දා) රාත්‍රි 10ට පමණ සිදුවී ඇති එම සිද්ධියේදී තුවාල ලබා සිටි තරුණිය මාතර රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවැසීය. ඒ සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරීක්‍ෂණ පවත්වා අපරාධය සඳහා යොදාගත් යතුරුපැදිය සහ පිහියද ඊයේ (14දා) උදේ මිරිස්ස ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇත. සැකකරු අද (15දා) මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.