මල්වතු මහ නාහිමියන් හමුවී
අලුත් ව්‍යවස්ථාව ගැන වැරදි කියන්න ගිය විමල්


පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ නායකයන් පිරිසක් මහනුවරදී ඊයේ මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකින්නට ගොස් අලුතින් රජය කෙටුම්පත් කරන්නට යනවා යයි කියන ව්‍යවස්ථාවක් ගැන දිගින් දිගටම කරුණු පැහැදිලි කර සිටි අතර ඒවායින් රටට විශාල හානියක් සිද්ධ වන්නට නියමිත බව පෙන්වන්නට උත්සාහ කළා.
මෙම කරුණු පැහැදිලි කිරීමට මල්වතු පාර්ශවයේ මහනාහිමියෝ එතරම් කැමැත්තක් දැක්වූයේ නැති අයුරක්
කථාබහින් දිස්වූයේ තවමත් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර නොමැති බවට හා එවැනි සැකයක් ඇති වන ආකාරයට ජනපති හෝ අගමැති අදහස් පළ කර නොමැති බව දන්වමිනි. මහජනයාගෙන් කරුණු විමසා මේ දේවල් කරන බව තමා දැනුවත් බවද හිමියන් දන්වා සිටියා.

නමුත් අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන්ට මන්ත්‍රී විමල් නැවත කරුණු දක්වමින් කියා සිටියේ  කරුණු එසේ නොවන බවත් මෙය ජිනීවාහිදී කතා කරගෙන කරන්නට යන වැඩක් බවත් බුද්ධාගම රටේ ප්‍රධාන ආගම නොකර සිටින්නට පවා වැර වෑයමක් රජයට ඇති බවත්ය.

ඔප්පු කරන්නට බැරි කරුණු දිගටම කියවද්දී හරහට කථාකළ නාහිමියන් දන්වා සිටියේ යුද අපරාධ සම්බන්ධයෙන් දැන් තත්වය යහපත් බවත් එවැනි ජිනීවා කුමන්ත්‍රණයක් ගැන තමා විශ්වාස නොකරන බවත්ය.
අනතුරුව අකමැත්තෙන් මෙන් කරබාගත් විමල් මන්ත්‍රීවරයා නාහිමියන්ට සමුදී අස්ගිරි පාර්ශ්වයට ගියේ මේ කරුණු එහිදී නැවතත් කියන්නටය.
ඉදිරි දිනවලදී නව ව්‍යවස්ථාවට එරෙහිව මතයක් සකස් කිරීමේ අරමුණින් ආගමික පාර්ශ්වයන් වෙත විවිධ කරුණු ඉදිරිපත් කර මතවාදයක් නිර්මාණය කිරීමේ අරමුණින් විමල් කථාකර තිබෙන බව දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහසයි.
කෙසේ වෙතත් විමල් හා පූජ්‍ය මල්වතු නාහිමියන් අතර කථාබහ මාධ්‍යයට විවෘතවූ අතර එහිදී පටිගතවූ වීඩියෝව පහත පරිදිය.