පසුගියදා කොළඹ හා පිටපළාත් රැසක වතුකම්කරුවන් උද්ඝෝෂණයක නිරතවූයේ ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 1000 සීමාවට නංවන ලෙසයි.
අද කාලයේ ආර්ථික දුෂ්කරතා මත ජීවත් වෙන්නට දැනට ලැබෙන වැටුප ප‍්‍රමාණවත් නොවන බවත් මැතිවරණ පොරොන්දුව ඉටුකරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියා.

මේ ගැන කම්කරු ඇමති

ඩබ්.ජේ.සෙනෙවිරත්න මෙසේ කියා සිටියා.

‘සමහර වෘත්තීය සමිති පහුගිය මැතිවරණ කාලෙදි රුපියල් 1000 ක දිනක වැටුපක් දෙනවයි කියල කම්කරුවන්ට පොරොන්දුවක් දීලා තියනවා. ඒක අපි දන්නවා.ඒක හැම පැතිකඩක්ම බලල දීපු පොරොන්දුවක් නෙමේ.
කම්කරුවො බලන්නෙ පොරොන්දු වෙච්චි 1000 කෝ කියල. මේක වගකීමෙන් දීපු පොරොන්දුවක් නෙමේ.
අද වතු ආර්ථිකයට රුපියල් 1000 ක් දීමේ හැකියාවක් ඇත්තෙ නෑ කියල අපි දන්නවා. මං හිතනව මේක කම්කරුවො තේරුම් ගනීවි.
දෛනිකව රුපියල් 730 ක වේතනය තමා අපිට එකඟ වෙන්න පුළුවන්.’