මහරගම ඇතුලු ප්‍රදේශ 13 කට අද උදෑසන සිට පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මේ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, ගොඩගම, මීපේ, පාදුක්ක, හංවැල්ල සහ කළුඅග්ගල යන ප්‍රදේශවලට උදෑසන 8 සිට රාත්‍රී 12 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති.

කලටුවාව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ ය.