පසුගියදා රජය මගින් වැඩි කරන්නට යෙදුණ වැට් බද්ද සම්බන්ධ සංශෝධිත කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල පාර්ලිමේන්තුවට අද (25) නිවේදනය කළා.
මෙම පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල නොවීම
ඒ අනුව නැවත නිසි ආකාරයට බද්ද පනවන නීති රජය ගෙන ආ අතර ඒ සම්බන්ධ තීරණය නීතියේ හැටියට රහස්‍ය වාර්තාවක් ලෙස කථානායකට යොමු කර පාර්ලිමේන්තුවට දැනුම් දීම අද සිදු විය.ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන සහ සිසිර ජයකොඩි මෙන්ම තවත් නීතීඥවරයෙකු විසින් ගොනු කළ පෙත්සම් නිසා බාධා වුවත් නැවත වැට් බද්ද සියයට 15 කිරීම ඒ අනුව අනුමතවී ඇත.