පසුගිය අගෝස්තු මස පැවැත්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද සන්ධ්‍යා කාලයේ නිකුත් කර තිබෙනවා.


මේ වන විට එම ප්‍රතිඵල අන්තර්ජාලයේ www.doenets.lk වෙඩ් අඩවිය තුළින් ලබාගත හැකිය.
ඩයලොග් සහ මොබිටෙල් දුරකතන සේවා හරහාද ප්‍රතිඵල දැනගන්නට
ඩයලොග් දුරකතනයකින්  exam ලෙස සඳහන් කර හිස්තැනක් විභාග අංකය සඳහන් කර 7777 ට කෙටි පණිවුඩයක් යැවිමෙන්ද
මොබිටෙල් දුරකතනයකින් නම් exam ලෙස සඳහන් කර හිස්තැනක් විභාග අංකය සඳහන් කර 8884 ට කෙටි පණිවුඩයක් යැවීමෙන්ද කළ හැකිය.
ප්‍රතිඵල පිළිබ‍ඳ නැවත සමීක්ෂණයට අවශ්‍ය නම් ලබන නොවැම්බර් 4 ට පෙර විදුහල්පතිවරුන් හරහා ඉල්ලුම් කළ යුතුය.
මෙවර විභාගයට 360000 පමණ සිසුදරුවන් පෙනී සිටියහ.
මෙවර වැඩිම ලකුණු ලබාගත් අය පිළිබ‍ඳ විස්තර හෙට හෙළි කරනු ඇත.