2017 වසර සඳහා වන අයවැය මුලින්ම විසර්ජන පනත් කෙටුම්පතක් ලෙස  ඔක්තෝබර් මස 20 වැනිදා



පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (6දා) දින පාර්ලිමේන්තුවේදී රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී මේ තීරණය ගනු ලැබිණි.
ඉන්පසුව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් 2017 වසරේ අය - වැය නොවැම්බර් මස 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වන අතර අය - වැය තෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 10 වැනිදා

සිදුකිරීමට නියමිතය.
නව ශබ්ද පරිපාලන පද්ධතියක් පාර්ලිමේන්තුවට සවි කිරීමට නියමිත නිසා ඔක්තෝබර් මස තෙවැනි සතියේ පාර්ලිමේන්තුව රැස්වන්නේ 20 වැනිදා පමණි. ඒ විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමටයි.
එම දින වෙනුවට ඔක්තෝබර් 25,26,27 හා 28 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වීමටද ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.