12 වනදා සිදුකළ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට අනුව රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් මූල්‍ය
අපරාධ කොට්ඨාසයත් අල්ලස් හෝ දූෂණ

කොමිසමත් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන්නේ නම් ඒ ආයතන හසුරුවන්නේ කාගේ දේශපාලන නයාය පත්‍රයකට අනුව දැයි ජනතා විමුක්ති පෙරමුණ විමසයි.
දැනටත් වත්මන් ආණ්ඩුවට සම්බන්ධව සිටින බරපතළ චෝදනා ඇති ඇමැතිවරුන් කිහිපදෙනකු පිළිබඳ විවිධ චෝදනා ඇතත් එම පරීක්ෂණ නොපවත්වන බැවින් ඒවා සිදුවන්නේද දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව දැයි විමසන ජවිපෙය රටේ ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කිරීම නිසා දූෂණය හා අපරාධ පිළිබඳව කරන පරීක්ෂණ දුර්වල කිරීමට උඩගෙඩි දී ඇතැයි චෝදනා කරයි.