ක්‍රීඩා පනතේ නව රෙගුලාසි සංශෝධනයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාට සභාපති ධුරයෙන් ඉවත්වීමට සිදුවනු ඇතැයි වාර්තාවේ. ඒ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ශ්‍රී ලංකා
පාර්ලිමේන්තුව නියෝජනය කරන නිසා මෙන්ම පනතේ තහනම් යයි දැක්වෙන තවත් හේතු කිහිපයක්ම නිසාය. මේ වනවිට අදාළ නීති කෙටුම්පත පසුගිය 04 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශය වෙත යොමුකර ඇත.
නව රෙගුලාසි යටතේ පුද්ගලයෙකු ක්‍රීඩා සංගම් වෙත තේරීපත්වීමට නුසුදුසුකම් රාශියක් සඳහන් කර ඇති අතර, ඒ අනුව වත්මන් ක්‍රිකට් පරිපාලනයේ ඉහළ පුටු හොබවන බොහෝදෙනෙකුට සිය තනතුරු අහිමිවීමට නියමිතය. සභාපති තිලංග සුමතිපාල මහතාට මෙන්ම එහි භාණ්ඩාගාරික ෂම්මි සිල්වා මහතාටද අදාළ තනතුරුවලින් ඉවත්වීමට සිදුවනු ඇත.
නව නීති වලින් කිහිපයක් පහතින්




  • වයස අවුරුදු 70 සපිරුණු පුද්ගලයන්ට ක්‍රීඩා සංගම්හි තනතුරු දැරීම තහනම්
  • විගණන වාර්තා අදාළ කාලසීමාව තුළ ඉදිරිපත් කිරීමට නොහැකි වූ සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික යන තනතුරු දැරූවන්ටද  තනතුරු දැරීම තහනම්
  • විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක් වීම තනතුරු දැරීම තහනම්
  • කොටස් හිමිකරුවෙක් වීම තනතුරු දැරීම තහනම්
  • සම අයිතිය ඇති පුද්ගලයෙක් වීම තනතුරු දැරීම තහනම්
  • ඔට්ටු තැබීමේ ව්‍යාපාරයක හිමිකාරීත්වය තනතුරු දැරීම තහනම්
  • ජාතික කණ්ඩායමක යම් ක්‍රීඩකයෙකුට ඥාතීත්වයක් ඇත්නම් තනතුරු දැරීම තහනම්
  • ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවීම තනතුරු දැරීම තහනම්
  • ක්‍රීඩකයන්ගේ ඒජන්තවරුන්ට හා කළමනාකරුවන්ටද තනතුරු දැරීම තහනම්

( පැතුම් ශ්‍රී විජේරත්න - අද පුවත්පත )