චම්පිකයි විදුරයි ආපු
හොරණ බස් ස්ටෑන්ඩ් ඕපනින් එකක
උණුසුම් තත්වයක්

අද උදෑසන හොරණ මොරගහහේන ප්‍රදේශයේ බස් නැවතුම්පළක් විවෘත කරන උත්සවයකදී උණුසුම් තත්වයක් ඇතිව තිබේ.
පසුගිය රජය සමයේ ආරම්භ කෙරුන මෙම ව්‍යාපෘතිය එකල විදුර වික්‍රමනායක මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් වැඩ අරඹා තිබුණ නමුත් එය අවසන් කර ඇත්තේ මෑතකය. මොරගහහේන බස් නැවතුම්පොළ විවෘත කිරීමට ඇමැති පාඨලී චම්පික රණවක මහතාට ඒ අනුව ආරාධනා කර උත්සවය සූදානම් කර තිබියදී
ඇමතිවරයා පැමිණීමට පැයකට පමණ පෙර

එහි ගිය මන්ත්‍රී විදුර වික්‍රමනායක එය විවෘත කර තිබේ.
පසුව රැස්ව සිටි පිරිස අමතා
‘මොරගහහේන මගේ ගම, එක එක්කෙනාට ඇවිත් චණ්ඩි පාට් දාන්න බෑ. මෙහේ වැඩ කරන්නේ අපි. එදත් වැඩ කළේ අපි. අදත් වැඩ කරන්නේ අපි‘ යනුවෙන් කියා ඇත. කෙසේ වෙතත් ඔහු පසුව බස් රථයක් පදවා ගමන් කරවන්නට උත්සාහ දැරීමේදී රැස්ව සිටි පාඨලී පාක්ෂිකයින් එයට ඉඩදී නැත.එම අවස්ථාවේ කලබලයක්ද හටගෙන ඇත.
කෙසේ වෙතත් විදුර මන්ත්‍රීවරයා එතැනින් ඉවත්ව ගිය පසුව බස් නැවතුම විවෘත කරන්නට ඇමැති පාඨලී චම්පික පැමිණ තිබේ.
උත්සව සභාව අමතමින් ඔහු කියා සිටියේ ‘රස්තියාදුකාර විරෝධතා අපි සත පහකට ගණන් ගන්නේ නෑ. එහෙම හිතන් ඉන්නවානම් ලොකු වැරදීමක්. අපි මෙතැනට ආවේ නිකන් නෙමෙයි. රාජ්‍ය ත්‍රස්තවාදය පරාජය කරලා ආවේ. බුරන බල්ලන්ට කැට කැබිලිති විසි කරන්න අපට වෙලාවක් නෑ‘ යනුවෙනි.