හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධ පැවැත්වූ පොලිස් පරීක්ෂණ අවසන් වී තිබියදීත් ඇය අත්අඩංගුවට නොගන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු
ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පවතින 'ඩීල් එකක්' නිසා බව

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.
බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයන්ට එරෙහිව පවතින පරීක්ෂණ යටපත් කිරීමත් 'මහින්ද රනිල් රහස් ගිවිසුමේ' කොටසක් බව ඔහු කියා ඇත.

ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කිරීම සහ ගමන් බලපත්‍ර එකකට වඩා ළඟ තබා ගැනීමේ චෝදනා එල්ල වී සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට නොගන්නේද මේ රහස් සම්මුතියෙ හේතුවෙන් බවට ඔහු වැඩිදුරටත් කියා ඇත.