ශ්‍රී ලාංකික ජනතාව අතර නිතර භාවිත වන 'අයියෝ' වචනය ඉංග්‍රීසි භාෂාවේ සම්භාව්‍ය ශබ්ද කෝෂය වන ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට ඇතුළත් කර තිබේ.

වේදනාවක්, දුකක්, සතුටක්, ඇතිවූ විට නිරායාසයෙන් පිටවන 'අයියෝ' වචනය දකුණු ඉන්දියාවේදීද බහුලව භාවිත කෙරේ.
අවුරුදු 150ක් පමණ පරණ ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට වචන 6,00,000ක් පමණ ඇතුළත්ය.