ලංකාවේ ප්‍රකට බියර් එකලස් කරන සමාගමක් වන ලයන් බෘවරි සමාගමේ බියගම පිහිට කර්මාන්ත ශාලාව පසුගිය මැයි මාසයේදී ,ඇති වූ ගංවතුර තත්ත්වය හමුවේ කඩා වැටීමකට ලක් වූවා. ඒ හේතුවෙන් යන්ත්‍ර සූත්‍ර
රැසක් අඩපණ විය.වාර්ෂිකව රුපියල් බිලියන 25 ක

බදු ආදායමක් රජයට ලබා දෙන මෙම සමාගමට යළි නැගී සිටීමට මහා භාන්ඩාගාරය අතදී තිබෙන බව වාර්තා වේ.
ලයන් බෘවරි සමාගමට කෙටි කාලයකට ආනයනික බදුවලින් තොරව , බීර ආනයනය කිරීම සදහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලැබී තිබෙනවා . මාස 03 ක කාලයක් මෙම සමාගමෙහි බීර , ආනයනික බදු වලින් නිදහස් කිරීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇත.
කෙසේ වෙතත් මෙහිදී දේශීය බීර නිෂ්පාදකයින් සඳහා බලපවත්වනු ලබන බදු ඒ අයුරින්ම සමාගම වෙත ක්‍රියාත්මක වනු ඇත