වැට් බදු සංශෝධන පනතට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් දෙවැනි වරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් පවරා ඇත.
මෙවර එම නඩුව පවරා ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාය. ඔහුගේ


පෙත්සමේ සඳහන් වන්නේ එම සංශෝධිත පනතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවය.
ඊට අමතරව සෞඛ්‍ය සේවාවද වැට් බද්දට ඇතුළත් වන බවයි.
සංශෝධිත පනතේ 4,13,17 සහ 18 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙත්සම්කරුගේ පෙත්සමේ සඳහන් වේ.
2016 සැප්තැම්බර් 13 වැනි දින මේ පනත ගැසට් කර ඇති බව පෙත්සමේ සඳහන් වෙයි.